📄Market the Talent - සුදුසුකම් තිබුණත් නුවන්ට ජොබ් එක නැති වුණේ ඇයි?                            

"සර්, මට මේක හිතාගන්න බැහැ. මමයි මගේ යාළුවයි දෙන්නම එකම රස්සාවට ඇප්ලයි කළා." 🤝 "මට ඩිග්‍රී එකක් තියෙනවා, මම MBA එකත් කරනවා. යාළුවට තියෙන්නේ ඩිප්ලෝමා එකක් විතරයි." 🎓


"ඒත් එයාට Appointment Letter එක ලැබුණා. මට තාම ඉන්ටර්වීව් කෝල් එකක්වත් නැහැ!" ✉️ නුවන්ගේ මේ කේන්තිය අද කාලේ ගොඩක් දෙනෙක්ට තියෙන පොදු ප්‍රශ්නයක්. 😤

අපි හිතන්නේ සහතික වැඩි වුණාම තැන ලැබෙනවා කියලා. 📜 හැබැයි 2026 වර්තමාන රැකියා වෙළඳපොළේ තියරි එක ඊට වඩා වෙනස්. 🌍



🔍 රහස සැඟවී ඇත්තේ CV එකේය

මම නුවන්ගෙන් ඇහුවා, "නුවන්, ඔයා යාළුවගේ CV එක දැක්කද?" කියලා. 🧐 නුවන් කිව්වේ, "සර්, ඒක හරි සරලයි. මම මගේ එකේ කරපු හැම දේම පිටු 5ක් පුරවලා දැම්මා" කියලා. 📑

අන්න එතනයි වැරදුණු තැන. ❌ රැකියාවක් සෙවීම කියන්නේ විභාගයක් ලියනවා වගේ දෙයක් නෙවෙයි, භාණ්ඩයක් විකුණනවා වගේ දෙයක්. 🛒


අපි මේක උදාහරණයකින් බලමු: 📱


Phone A (නුවන්ගේ CV එක වගේ): 📦 ඉතා හොඳ ෆෝන් එකක්. හැැබැයි පෙට්ටිය කැඩිලා, දූවිලි වැදිලා.විස්තර ඔක්කොම පොඩි අකුරින් කොළ කෑල්ලක ලියලා අලවලා තියෙනවා. කියවන්නම කම්මැලියි. 😴


Phone B (යාළුවගේ CV එක වගේ): ✨ සාමාන්‍ය ෆෝන් එකක්. හැැබැයි පෙට්ටිය ලස්සනට පැක් කරලා.පිටතින් ලොකු අකුරින් "Best Camera", "Long Battery Life" කියලා ගහලා තියෙනවා. 📸

ඔබ මිලදී ගන්නේ මොකක්ද? අනිවාර්යයෙන්ම Phone B. ✅ බඳවා ගන්නා නිලධාරියෙක් (Recruiter) කියන්නෙත් පාරිභෝගිකයෙක්. 👤







💡 ඇයි සුදුසුකම් අඩු යාළුවා දිනුවේ?

🎯 අවශ්‍ය දේ පමණක් ඉදිරිපත් කිරීම: නුවන් තොරතුරු ගොඩක් ගොඩගැසූ විට එය "Information Overload" එකක් විය.යාළුවා ලිව්වේ රැකියාවට අදාළ දේවල් පමණි. එය පහසුවෙන් Scan කිරීමට හැකි විය. ⚡


📈 ප්‍රතිඵල පෙන්වීම (Benefits): නුවන් ලිව්වේ තමා කළ දේවල් (Duties) ගැනය.යාළුවා ලිව්වේ තමා කළ දෙයින් සමාගමට ලැබුණු ප්‍රතිඵල (Results) ගැනය. 🏆


🎁 නිවැරදි ඇසුරුම්කරණය (Packaging): සුදුසුකම් යනු භාණ්ඩයේ ගුණයයි.CV එක යනු එහි ඇසුරුමයි. ඇසුරුම ආකර්ෂණීය නැත්නම් කවුරුත් ඇතුළත නොබලයි. 🎀


🎯 ඔබත් "Best Option" එක වන්න

ඔබ දක්ෂයෙක් විය හැකිය. 🌟 නමුත් එම දක්ෂතාවය නිවැරදිව "මාකට්" කරගන්න දන්නේ නැත්නම් ඔබ පරාජය වනු ඇත. 📉

දක්ෂතාවය අඩු නමුත් හොඳින් ඉදිරිපත් කරන්න දන්නා අය ඔබව පසුකර යනු ඇත. 🏃‍♂️ ඔබ "Best Secret" එක නොවී, ආයතනයකට ඇති "Best Option" එක වන්න. ✨

ඔබේ සුදුසුකම්වලට ගැලපෙන, 2026 ට ගැළපෙන Winning CV එකක් හදාගන්න මඟපෙන්වීමක් අවශ්‍යද? අපේ CV Tips අංශය සමඟ සම්බන්ධ වන්න! 🚀

චානුක ජීවන්ත මහතාගේ අදහස් ඇසුරින්. 💡(Linked in)



IN ENGLISH:

📄Market the Talent - Why Did Nuwan Miss the Job Despite Having Higher Qualifications?

"Sir, I just don't understand it. My friend and I both applied for the same position." 🤝 "I have a degree and I’m currently completing my MBA. My friend only has a Diploma." 🎓

"But he received his Appointment Letter yesterday, and I haven't even received an interview call! Why does this happen, Sir?" ✉️ Nuwan’s frustration is a common issue for many job seekers today. 😤

We are often taught from a young age that "more certificates equal more success." 📜 However, in the 2026 job market, the reality of the corporate world is very different. 🌍



🔍 The Secret is Hidden in the CV

I asked Nuwan, "Have you seen your friend's CV?" 🧐 Nuwan replied, "Yes Sir, it’s very simple. I filled my CV with 5 pages covering every single thing I’ve ever done." 📑

That is exactly where the mistake happened. ❌ Finding a job isn't like sitting for an exam; it’s like selling a product. 🛒

Let’s look at this through an example: 📱

  • Phone A (Like Nuwan’s CV): 📦 A high-quality phone, but the box is broken and covered in dust.

  • All the features are written in tiny font on a messy piece of paper. It’s exhausting to read. 😴

  • Phone B (Like the friend’s CV): ✨ A standard phone, but the box is shiny and beautifully packed.

  • The outside of the box clearly says "Best Camera" and "Long Battery Life" in big letters. 📸

Which one would you pick? Definitely Phone B. ✅ A Recruiter is essentially a customer; they want to find the solution to their problem as quickly as possible. 👤



💡 Why Did the "Less Qualified" Friend Win?

  • 🎯 Information vs. Relevance: Nuwan overloaded his CV with too much data.

  • His friend only included things relevant to that specific job, making the CV easy to Scan in seconds. ⚡

  • 📈 Features vs. Benefits: Nuwan listed his "Duties" (what he did).

  • His friend listed his "Results" (how he helped the company grow). Companies love results-driven people. 🏆

  • 🎁 Professional Packaging: Qualifications are the quality of the product.

  • The CV is the packaging. No matter how good the product is, if the packaging is bad, no one will open it. 🎀



🎯 Don't Just Be the Best, Be the Best "Option"

You might be the most talented person in the room. 🌟 But if you don't know how to "Market" that talent, you will lose to those who do. 📉

Someone with fewer qualifications but better presentation skills will move past you. 🏃‍♂️


Inspired by Chanuka Jeewantha 💡


Don't be the "Best Secret"; be the "Best Option" for the company. ✨



Do you feel like your qualifications are great but your CV isn't getting noticed? Contact our CV Tips section to build a Winning CV for 2026! 🚀


Apply link appears in 15s
Share this job: